නො:-144/A,බැරගම පාර,අම්බලන්තොට..


නො:-144/A,බැරගම පාර,අම්බලන්තොට..


Image result for gost house

මේක තමා Adress එක..... 
අපි (අපි නෙවෙයි ඇත්තටම මම විතරයි)2013/01/26 රෑ ගත කරපු හොල්මන් ගෙදර....

අපි ඒ ගෙදර පැය 2ක් විතර ඉන්න ඇති.....
මම ඇතුලුව අපේ ගමේ කොල්ලො set eka ට ඕන වුනා මේ ගෙදර හොල්මන් නෑ කියල ගම්මුන්ට ඔප්පු කරන්න......

ඉතින් අපි ගම්මුන්ගෙ බලවත් අකමැත්ත පිට රෑ 8.30ට පිටත්වුනා.....

ඇත්තටම කොල්ලො set එක කිව්වට අපි ඔක්කොම හිටියෙ 5යි...

වෙලාව:-9.45p.m

දන් අපි ඒ ගෙදර ගේට්ටුව ගාව...වීරයො වගේ ආවට ඒ ගෙදර ගේට්ටුව දක්කම චූ බරයි...

ඒ ගේට්ටුවේ වම් තාප්පෙට වෙන්න අර මම උඩින් දාපු අංකෙ ලොකුවට කලුවෙන් කොටල තිබ්බ...

අපි ගෙදර ගේට්ටුව ඇරිය...අවුරුදු 10කින් 12 කින් විතර කවුරුවත් ගේට්ටුව නොඅල්ලපු හින්ද ඒක පොඩ්ඩක් හිර වෙලා තමා තිබ්බෙ..
ඒත් පිං සිද්ද වෙන්න  පරන දොරවල් අරින මූසල සද්දෙ නම් ආවෙ නෑ......

වත්තෙ මැද තමා ගෙදර තිබ්බෙ
ඒක ලොකු දෙමහල් සුදු පාට Old english ක්‍රමේකට හදපු  නිවසක්....හොල්මන් තියෙනව කියලා ඕන කෙනෙකුට අනුමාන කරන්න පුලුවන්.....

අපි ඇතුල්වුනා.....මුලු වත්තම තන කොල වලින් වැහිල තිබ්බෙ....අපි දැක්ක ඒ ගේ දොරකඩට සමීපව තියෙන ඒ මූසල  සොහොන....ඒක ගොඩක් විශාලයි....උසයි..මම කවදාවත් දැකල ඒ වගේ පරන සොහොනක් ඒ සොහොන පස්වලට යටවෙන්න ඔන්න මෙන්න ....ඒත් ඒ සොහොනෙ  ලියල තිබ්බ අකුරුටික විතරක් පේන්න ඉතුරු කරල....හරියට ඒක කවුරුහරි නොපෙනෙන අකමැති නිසා කරපු වැඩක් වගේ .......

ඒකෙ ලියල තිබ්බෙ,

                        $Mari Antony$

Was born in:-xx/xx/xxxx   Died on:-xx/xx/2001
      
                මිය ගිය කාන්තාවගෙ photo 1k

          British ක්‍රමේට දාපු කැටයම් වගයක්

ඒ සොහොනේ හිටපු ගෑනු කෙනා english නෝන කෙනෙක්...ඇයගෙ තිබ්බෙ නපුරු පෙනුමක්.....ඇය අප දිහා රකුසු බැල්මෙන් යුතුව සෘජුව බලා සිටිනව වගේ අපිට පේනව....Photo 1ක් වුනත් ඒක ජීවමානයි..

අපේ සෙට් එකේ එකෙක් දැම්ම බය වෙලා.....අපිනම් ඕව වැඩිය ගනන් ගත්තෙ නෑ...

ඉතින් අපි ආව අපේ හොල්මන් ගෙදරට.....අපි දොර කඩල ගෙදරට ඇතුල් වුනා...ඒ ගෙදර තිබ්බෙ පොලු නැති ඇදක් විතරයි

අපි ඉතින් බෝතල් 2 ක් ගේන්නත් අමතක කරේ නෑ....charge කරපු light torch අතේ තිබ්බ අපි කතා කර කර තමා හිටියෙ....නිදාගන්න පැදුරු එහෙමත් දාගෙන Dolki යකුත් ගෙනල්ල ආතල් එකේ සිංදු කිඋඅන් හිටපු අපිට හොල්මන් ගැන මතකයක් වත් තිබ්බෙ නෑ....

අපේ කරුමෙට ලොකු වැස්සක් වැස්සා.....වහිනවා ...වහිනවා....ඉවරයක් නෑ....

අපි ටික වෙලාවක් මෙහෙම්ම ම හිටිය...

වෙලාව:-12.30

Gud night, කියල අපි හැමෝම නිදාගත්ත එකපාරටම මහ ලොකු හෙනයක් ගැහුව.....අපි හැමෝම නැගිට්ටුනා...ඒත්  charge karan ආපු light torch ඔක්කොම off කිසිම දෙයක් පේන් නෑ......මම නැවතත් ඒවයේ  switch on කරාට පත්තු වුන් නෑ...තවමත් වහිනව....වැස්සෙ ඝෝශාව හින්ද එලියෙ කිසිවක් ඇහෙන්නෙ නෑ......

.. කට්ට කලුවරේ තමන්ගේ අත් දෙකවත් පේන්නෑ
මචන් හොල්මන් Active වෙලා වගේ....මට ඉබේටම කියවුනි.....මම නිවරදියි.තරප්පුවේ කව්ද ඇවිදින සද්ද බද්ද ඇහේ.....කව්ද? කව්ද? ඇවිදින්නෙ....මම ඇසීමි .....මිතුරන්ගෙන්වත් පිලිතුරක් නැත ......ඒත් ....එහෙනම් කව්ද? 

චාමර,ප්‍රදීප්,රුවන්,ගීසර කොහෙද උබල?......මම තනිවුනෙමි....අනිත් උන් කොහෙද ගියේ උන් හතර දෙනාට මොනවද වුනේ......

උන් ටික ගියාවත්ද?  මේ පාලු හොල්මන් ගෙදර මම විතරද? මා මේ දකින්නෙ හීනයක්ද? උන් ටික මාත් එක්ක ඇවිත් නැද්ද? මට මොනවද වුනේ....

සිදුවුනු දෙයින් විශාල ලෙස භීතියට පත්ව සිටී මම 2 වෙනියට ගැසූ විශාල හෙනයෙන් තවත් අන්ද මන්ද වුනි........

එහි ආලොකයෙන් මට ඇයව පෙනුනි........ඇය ඉතාමත් නොරිස්සුම් ස්වභාවයෙන් මා දෙස බලා සිටියි......ඇය හැඳ සිටියේ අත් දිග සුදු පාට ගවුමකි......ඇය මාවෙත පැමිනෙන ස්වභාවයක් තමා එලියෙන් මට පෙනුනේ...ඇයගේ දකුනු අතේ බෝනික්කෙද්ද විය......

Lets Play Hide and Seek.......(laughing)

ඇය රහසින් පවසයි.........

සීතල අතක් මගේ අත වැරෙන් අල්ලාගෙන....මම පැනයාමට වෑයම් කලෙමි.....

Why darling?, why u have scared?

මට යන්න දීපා.......න් ,යන්න දීපාන්.......

මම කෙසේ හෝ ඇයගෙන් ගැලවී ගොස් පස්ස නොබලා ගෙදර බලා පිටත් වුනෙමි.....

දවස් 7ක් උන සෑදී සිටි මම මගේ කරුමක්කාර යාලුවන් බැලීමට පැමිනියෙමි....මම ඔවුන්ගෙන් ඇහුව ඇයි මාව ඒ වෙලාවෙ දාල ගියේ කියල.....එවිට ඔවුන් කිසිවක් නොදන්න බවක් තමා පෙනී ගියේ..

උබට පිස්සුද බන් අපි ඒ හොල්මන් ගෙදරට අඩියක් වත්තිබ්බෙ නෑනේ බන්....අපි ආපහු ගෙදර ආවෙ මචන් උබට මතක නැද්ද? ඇයි උබ අපිත් එක්ක ආවෙ නැද්ද?

එහෙනම් ඒ පාලු හොල්මන් ගෙදර හිටියෙ මං විතරද?

අදටත් අභිරහසකි......

කොහොම වුනත් සිදුවූ දෙය මම ඔවුන්ට කියන්න ගියේ නෑ....

ඉහත මිය ගිය කාන්තාව හොල්මනක් වූයේ ඇයිදැයි නොදන් නෙමි.....


Popular posts from this blog

වසර හතළිස්‌ දහසකට පෙර සිටි බෝදිලිමාගේ කතාව

අහපු දැනුණු හොල්මන් කතා ...!

සරුංගලේ