ඊයේ රෑ

 ඊයේ රෑ

Image result for women ghost
මේ දවස් වල මට පට්ට පජාත වැඩමයි බං වෙන්නේ -_-
බලහල්ලකො ඊයේ රෑ වෙච්චා එකක් මේ....

ඊයේ රෑ ඉමර්ජන්සි චූ බරක් ආවා 
ආයේ මොනාද ගත්තා සරම කරට, ආවා ගේ ඉස්සරහ පාරට 
නෑ නෑ ගෙදර ටොයිලට් නැත්තේ නෑ -_-
කොමඩ් දෙකයි නෝමල් එකයි තියනවා 
වටේ ලස්සනට ටයිල් අල්ලලා 
කෝමත් පාරට ඇවිත් දානවා තරම් සැපක් නෑ බං :3

එනිවේ 
ගේ ඉස්සරහ රබර් වත්ත 
මම ආතල් එකේ රබර් වත්තේ කෙළවරට චූ දානකොට 
එකපාරටම....

කව්ද කෙල්ලෙක් හෝ ගාලා අඬනවා 
ඒක ඇහිලා තව පොඩ්ඩෙන් මට දදා හිටපු සූ පාර ඉස්පොල්ලෙ යනවා -_-
මම බැලුවා ඉතිං සර්ච් එකක් දාලා 
කව්ද හත්තිලව්වේ මේ රෑ දෙගොඩහරියෙ මගේ ඒරියල් එකේ අඬන කෙල්ල කියල 
ඔව්වා ඉතිං අපේ යුතුකම් නේහ් :3

ඔන්න ඉතිං අන්තිමේ බැලින්නම් රබර් වත්තෙ ගලක් උඩ ඉඳගෙන කෙල්ලෙක් අඬනවා 
කෙල්ලෙක් කිව්වට ආයෙ දේවතාවියක් වගේ 
සුපිරිම ලස්සනක්!
අංගපුලාව නිකම් වාත්තු කරලා වගේ 
ඒකි ඉන්න හරියේ කළුවර නෑ 
ඇඟෙන් රැස් විහිදෙනවා 
ඒ තරම් ලස්සනයි 
පව් ඉතිං 
හෝ ගාල අඬනව කෙල්ල 
කඳුලු බේරෙනවා 

මට ඉතිං වස නෝන්ඩිය -_-
මොකෝ ඉතින් නිදිමරගාතෙ සරමත් කරේ තියං නිකම් සෝලියස් වගේනේ මම ගියේ 
ඔන්නොහෙ කමක් නෑ කියල කිට්ටු කරල ඇහුවා 
නංගි මොකෝ අවුල කියලා :3

ඒකි ගැස්සිලා එක පාරට නැගිට්ටා 
බය වෙලා වගේ මගේ දිහා ටිකක් වෙලා බලාගෙන ඉඳල කිව්වා 
අනේ අයියේ මගේ මැණික් ගල නැතිවෙලා කියල 
ඊට පස්සෙ ආයෙත් අඬන්න ගත්තා.

මට ෆුල් හොල්මං 
ඇයි යකෝ සිහියක් පතක් තියෙන එකෙක් මැණිකක් අරගෙන මේ මහ රෑ එහේ මෙහේ යයිද?
කමක් නෑ කෙල්ලෙක්නේ කියලා මම කිව්වා ඉතිං නංගි ඕක මේ හරියෙම ඇති අපි හොයමු කියලා  -_-

පස්සේ ඒකියි මමයි විනාඩි 20ක් විතර හෙව්වා හෙව්වා නෑ 
මට ඉතිං නෝන්ඩි වගේ 
මම ඇහුවා නංගි අන්තිමට කොහේද මැණික් ගල තිබුණේ කියලා
ඒකි කියාපි මගේ ගවුමෙ දකුණු පැත්තෙ සාක්කුවෙ කියල 
මම ඇහුවා ඉතිං සුවර්ද හොඳටම බැලුවද? මමත් බලන්නද කියලා :3
ආ ඒනම් අයියම බලන්න කිව්ව හින්දා සාක්කුවට අත දැම්මා 
හම්මේ , ඒක සාක්කුවක්ද ළිඳක්ද මංදා බං. පට්ට ජඹුරයි :3
ගලුත් අහුවුණා :3 මැණික් නම් නෙවේ කිරිගරුඬ >.<

ඒකේ නෑ වගේ හින්දා මම ඇහුවා නංගි වම් පැත්තෙ සාක්කුවත් බලන්නද කියලා  
ඒකි හිනාවෙලා හා කිව්වා 
ඒ සාක්කුව අරිටත් වඩා ගැඹුරුයි 
අන්තිමට උරිස්ස ගාවට එනකම් අත දැම්මම මොකක්දෝ අහුවුණා 
එළියට අරං බැලින්නම් මැණිකක් 
හම්මේ අරකිට සතුට වැඩිකමට අට ඉස්බක් අහසට පැන්නා 

අන්තිමේ ඉතිං මම ඇහුවා නංගි කාගෙ කව්ද, මේ වෙලාවෙ මෙතන ඇයි කියලා 
ඒකි කියාපු කතාවට තව පොඩ්ඩෙන් මට හාට් ඇටෑක් හැදෙනවා 

ඒකි නාග කන්‍යාවියක්ලු 
ශ්‍රී ලංකා වැයික්කිය බාර නාග රජතුමාගේ දුවලු 
ඉස්කෝලේ යන්නේ රුසියාවේ හින්දා බෝඩ් වෙලා ඉන්නේ එහේලු 
මේ දවස්වල වින්ටර් සීසන් හින්දා නිවාඩුවට ගෙදර ආවලු 
පොඩි රවුමක් දාන්න යනකොට මැණික නෑ වගේ දැනුනලු 
හොයාගන්න බැරි වුණ හින්දා තමයි අඬ අඬ ඉඳලා තියෙන්නේ 

ඊට පස්සේ එයා මගේ අත් 2 අල්ලගෙන මට ගොඩාක් කිට්ටුවෙලා කිව්වා  
මේක නැතිවුණා නම් තාත්තාගෙන් ඉන්න හම්බෙන්නේ නෑ 
අයියා තමයි මගේ ගැලවුම්කාරයා <3
මම අයියට වරයක් දෙනවා 
අයියා ඕනම දෙයක් ඉල්ලන්න දැන් 
ඔයාට නොදෙන දෙයක් නෑ කියලා  <3

අන්න ඒ වෙලාවේ මට හිතුණා 
දැන් තැටිය රත්වෙලා තියෙන්නේ ලෙසටම 
ටක් ගාලා රොටිය පුච්චගන්න ඕනෑ කියලා :3 :3 3:)

ඉතිං මම උගුර පාදලා එහෙම කිව්වා 
නංගි මම ඔයාගෙන් දෙයක් ඉල්ලනවා 
හැබැයි නෑ බෑ නොකියා දෙන්න ඕනා කියලා 
කියන්නත් කලින් ඒකි කිව්වා දෙනවා දෙනවාමයි කියලා <3 :*

මම ඉතින් ටිකක් අදි මදි කරලා ඒම කිව්වා 
නංගි අර "හැරිසන් මාමලෑ කඩේ තියන ජාතියෙ හකුරු කෝන් පැකට් එකක්" ඕනා කියලා  ^_^

ඒක ඇහුනා විතරයි අරකිව යක්ෂාවේෂ වුණා  
ලස්සන මූණ නිකම් අහස බලාගෙන දාපු බිත්තර ආප්පයක් වගේ වුණා 
ඒකි මගේ ඇඟට කඩාගෙන පැනලා කියාපි 

ගොං බූරුවා, මෝඩ මූසලයා, ගස් ගෝතයා 
මම හිතුවේ තෝ මාව කසාද බඳින්න අහයි කියලා 
අපතයා, තොට මටත් වඩා ඉලව් හකුරු කෝන් එකක් ලොකුයිද බොල?
ඉඳා තියාගනිං කියලා හකුරු කෝන් පැකට් එක මට දමා ගහලා  ඒකි අන්තර්දාන වුණා!  💨 

ඉතිං යකෝ මට දිවැස් තියනවද?
මට ඕනැ දේ මම ඉල්ලුවෙ 
ඒකිට ඕනැ නම් මට කලින් කියන්නෙපැයි? :/ රෙද්ද 
අපරාදේ දැනුයි මතක් වුණේ ඒකිගෙන් අන්ලිමිටඩ් ඩේටායි විශ්වයේ ඕනම තැනකට සිග්නලුයි  තියන සිම් එකක් ඉල්ලාගත්තානම් හරි කියලා :(
අඩුගානේ බුකී ගත වෙන්නවත් තිබුණා 
කරුමේ කරුමේ -_-

Popular posts from this blog

අහපු දැනුණු හොල්මන් කතා ...!

වසර හතළිස්‌ දහසකට පෙර සිටි බෝදිලිමාගේ කතාව

සරුංගලේ