ගුප්ත රහස් සහ යන්ත්‍ර මන්ත්‍ර
ගුප්ත රහස් සහ යන්ත්‍ර මන්ත්‍ර
පෙර අතීත කාලයටත් වඩා අද දේවාරූඪයෙන් ශාස්‌ත්‍ර කියන යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කරන පිරිස් හා ස්‌ථාන වැඩි බවක් පෙනෙන්නට තිබේ.ඒ සෑම තැනකටම ජනතාව විශාල පිරිසක් එක් රොක් වී තමන්ගේ දැවෙන ප්‍රශ්නවලට විසඳුම් සොයයි. මේ අතරින් කතරගම දේවාලය, සමන් දේවාලය, දැඩිමුණ්‌ඩ දේවාලය, ගම්භාර සිද්ධ සූනියම් දේවාලය, මහ භද්‍රකාලි - කළුකම්බිලි ආදී දේවාල අද ගම්බද මෙන්ම නගරබදවද ඕනෑ තරම් තිබේ. මේ සෑම දේවාලයකම දෙවියන් සිටීද? ආරූඪ වී හරියටම ශාස්‌ත්‍ර කීවේ දෙවියන්ද යන ප්‍රශ්නයට පිළිතුරක් මෙම ලිපියෙන් ගෙන එමි.
ත්‍රිපිටක ධර්මය මෙන්ම බුදු දහමේ විවිධ සන්සිද්ධි ඔස්‌සේත් විමාන හා ප්‍රේත වස්‌තු නම් ත්‍රිපිටකයට අයත් දහම් පුස්‌ථක පරිහරණය කිරීමේදීත් දෙවියන් සහ ප්‍රේතයන් පිළිබඳ තොරතුරු සඳහන් වේ. ඒවා පරිශීලනය කිරීමේදී දෙවියන් සහ ප්‍රේතයන් පිළිබඳව මේ ඩිජිටල් සැටලයිට් ලෝක න්‍යාය හා සසඳන විට මෙලෙස උපකල්පනය කළ හැක.
දෙවියන් ප්‍රේතයන් යනු ජීවීන් සමූහයකි. ඔවුන්ගේ ශරීර සෑදී ඇත්තේ අර්ධ පරමාණුක ශක්‌ති වලිනි. අපගේ ශරීර සෑදී ඇත්තේ පූර්ණ පරමාණුක ශක්‌ති මගිනි. අපට පෙනෙන්නේ - දැනෙන්නේ පූර්ණ පරමාණු වලින් සැදුන සත්ත්වයන් හා වස්‌තූන්ය. තිරිසන් සතුන් පූර්ණ පරමාණුකය. අද ඩිජිටල් ලෝකයක් බවට පත් වී සැතපුම් ලක්‍ෂ ගණනක් එහා සිටින යම් කෙනෙක් හා නිමේෂයකින් කතා බහ කළ හැකි තාක්‍ෂණය 'කිරණ ශක්‌ති' මගින් උපදවා නිපදවා තිබේ. නමුත් මේ එකද කිරණයක් හෝ මිනිසාට නොපෙනේ. ස්‌පර්ශ වුවද, නොදැනේ. ඒවා අර්ධ පරමාණුකය. එසේ හෙයින් අර්ධ පරමාණුක වූ දෙවියන් හෝ ප්‍රේතයන් හෝ මිනිසාට කිසිසේත් නොපෙනේ.
ඒ අය ජීවීන්ට අයත් වන බැවින් සෙච්තනික වස්‌තු වෙයි. ඩිජිටල් සැටලයිට් ලෝකය බිහි වූ කිරණ ශක්‌ති ජීවීන් නොවන නිසා අෙච්තනික වස්‌තුන් වේ. දෙවිවරු පාරිශුද්ධ සත්ත්ව කොට්‌ඨාශයකි. දේවත්වයට පත්වන්නේ තෘෂ්ණාව පාලනයකට පත් කර දන්දීම්, සිල් රැකීම් ආදී උතුම් ක්‍රියාවන් තුළ ජීවිතයේ දීර්ඝ කාලයක් ගත කළ අයයි. zදුකZ පිළිබඳ කිසියම් සත්‍යාවබෝධයක් ලද අයයි. ඒ අය චාතුර්මහාරාජික ආදී වූ ඉහළ තලයේ සදෙව් ලෝක තල තුළ උපදිති. තවත් සමහර මිනිසුන් තෘෂ්ණාව මුල් කොට මහත් විශ්කම් තුළ නියෑලී පව් නොකොට යම් පමණකට උසස් ආමිස පූජාවන්හි නිරතව මියගොස් දෙව් ලොව උපදිති. ඒ අය ඉහළ තලයට නොයනමුත් විවිධ විමාන තුළ වූ මේ මිනිස් ලොවේද සිටිති. ඉහළ දෙව් ලෝක වෙත යැමට හැකි අය ද ඒ අතර සිටිති.
සම්මා දෘෂ්ඨ§ක මෙන්ම මිථ්‍යා දෘෂ්ඨ§ක ලෙසට ද දෙවියන් වර්ග දෙකකි. මේ දෙව්වරු අතර පරිවාර සේනා ලෙස ඇතැම් ප්‍රේත කොට්‌ඨාශ ද සිටිති. ප්‍රේතයෝ වර්ග ගණනාවකි. ඔවුන්ට ද ඇත්තේ අර්ධ පරමාණුක ශරීරයි. සැපක් විඳීමට කිසිසේත් නැති නිසා එය ද අපායක් ලෙස බුද්ධ දේශනාවේ දැක්‌වෙයි.
මේ ප්‍රේතයන් අතර දේවත්වයට පැමිණීමටත්, මනුෂ්‍යත්වයට පැමිණීමටත් අපා දුක් පූර්ණ ලෙස අත්විඳීමටත් නොහැකි වන තත්ත්වයට පිං බලය සකස් වූ අය මියගොස් zපරදත්තූපජීවීZ නම් ප්‍රේතයන් වී උපදිති. ඔවුන්ට දේවත්වයට හෝ මනුෂ්‍යත්වයට හෝ පැමිණීමට පිං මදිය. එනිසා එවැනි අය තමන් ජීවත් වූ පවුල්වල ජීවත්වන ඥාතීන් හරහා පිං උපදවා ගන්නට උත්සාහ කරති.
ඔවුන්ට දෙවියන් හමුවිය හැක. එසේ හැකි වන්නේ ඔවුන් ද අර්ධ පරමාණුක වන හෙයිනි. දෙවියන් මිනිස් ආශ්‍රයට පැමිණෙන්නේ නැත. ඔවුන්ගේ ආත්ම භවය ඉතා සියුම් හා උසස් බවකින් යුතු බැවිනි. කොතරම් සියුම් ද කිවහොත් ඕනෑම ඝන පෘෂ්ඨයක් විනිවිදගෙන දේව ආත්මයකට නිමේෂයක් තුළ කිලෝ මීටර් ලක්‍ෂ ගණනක් ඈතට ගමන් කළ හැකි බලයක් පවතී. අපගේ ඇට - මස් - සම් - ලේ - නහර වලින් සැදුන පූර්ණ පරමාණුක ශරීරයේ පවතින ඕජස්, දුර්ගන්ධතා දෙවියන්ට ඉතා අසුබ දෙයකි.
නමුත් පරදත්තූප ජීවී ප්‍රේතයන්ට දෙවියන් අබියසට පැමිණ යම් යම් උපකාර ලබා ගත හැක. එසේම ඔවුන්ට තමන්ගේ පවුල්වල සුජීවත්ව සිටින ඥාතීන්ට සම්බන්ධ වීමට හැකියාව පවතී. බොහෝ විට එවැනි ප්‍රේත කොට්‌ඨාශ පිං වල ඇති සැපය හා බලය තේරුම් ගෙන දෙවිවරුන්ගේ උදව් උපකාර ද ලබාගෙන තමන්ගේ ඥාතියකුට ආරූඪ වෙයි.
මෙසේ ආරූඪ වීම සිදුවන්නේ ඥාතියාගේ ස්‌නායු පද්ධතිය මෙම ප්‍රේතයා හෙවත් මියගිය ඥාතියා විසින් අල්ලා ගැනීමය. ඉන් පසු සැබෑ ඥාතියා කරන කියන කිසිවක් ඔහුට නොදැනේ. මෙසේ ආරූඪ වන ඥාතියා තමන් ඇසුරු කරන දෙවියන්ගෙන් උපකාර ලබමින් මනුෂ්‍යයාට උපකාර කිරීමත්, එමගින් යම් මුදලක් ලැබීම ආරූඪය පවතින ඥාතියාට ලබා දීමත්, ඒ තුළින් දාන මාන ආදී කුසල ධර්මයන් කපුවා ලවා කරවා පිං උපදවා ගැනීමත් අරමුණ වේ. කුමන වූ දෙවියකුගේ ආධාරයෙන් යම් මියගිය ඥාතියෙක් කෙනෙකුට ආරූඪ වී නිසි පරිදි සත්‍යාකාරයෙන් මිනිසාට උදව් කිරීමේදී ආරූඪ වන කපු මහතාගේ මානසික ශක්‌තිය මත මෙම දේවාලයෙන් කෙරෙන දේව කටයුතුවල සාර්ථක අසාර්ථක බව රැඳී පවතී. එසේම ආරූඪයට එන මියගිය ඥාතියාගේ තත්ත්වය ද මෙයට බලපායි. ඇතැම් මියගිය ඥාතීන් ජීවත්ව සිටියදීත් තෘෂ්ණාව තේරුම් නොගෙන ඒ තුළම ගිලී, මියගිය පසුත් ඒ තත්ත්වයෙන්ම කටයුතු කරයි.
එවැනි දේවාලවල සිදුවන්නේ සත්‍ය දේට වඩා අසත්‍ය දේවල් ය.