ඇක්සිඩන්ට් එක

ඇක්සිඩන්ට් එක

Image result for accident
මීට සතියකට කලිං... අපේ පැත්තෙ Accident එකක් උනා Traffic කාරයෙක්ට බයේ පට්ට speed ආපු කොල්ලෙක් පාලමක වැදිල මැරුන.කොල්ල ගන්න දෙයක් නෑ.. යෝගට් එකක් පොලොවෙ ගැහුව ව‍ගේ..  මමත් වැඩ ඇරිල එනගමන් පඩය වගේ මිනියට එබුනා.. ටෞහුඩු.. එම්බාම් කරන එකා කොහොම හදයිද කියන එක මට ප්‍රස්නෙ උනේ..  සුපුරුදු විදියට දවස් හයක් ගෙව්නා..බොසාට කොලඹ Head office එකට යන්න වෙලා..මට කිව්වා  අ......  මට presentation එකක් තියෙනව හදල ඉවරයක් කරල දෙන්න කියල. මැරීගෙන ඉතිම් රෑ ඕක හැදුව.හදල ඉවර වෙනකොටත් රෑ 12.55 වගේ කොපි එකකුත් බීලා අනිත් වැඩ කරන අයටත් ජොගියක් දාලා යද්දි 1.20යි. මම Bike එකේ රෑ ගමන් යද්දි වැඩි speed ගන්නෑ 50 ම තමයි.. මම අර කොල්ල මැරුන කිව්ව තැනට මීටර් 5-6ක් ඇති Bike එක ගොඩක් ගැස්සෙන්න ගත්තා.. bike එකේ අව්ලක් වෙන්න කොහොමවත් වෙන්න බෑ bike එක අරන් මාස 3යි.pulsar 150 තියෙන අය දන්නව බයික් එක 55-60 යද්දි ගැස්සෙන්න වදින්න ඕන බර ගැන.. මම bike එක 15ට විතර slow කරා.. කව්රුහරි කිව්වොත් නිදිමත වැඩි කමට විකාර වෙලා කියල ඌට දෙන්නෙ මැරිල වැටෙන්න එකක්.. මිනී දාහක් විතර තියෙන පල් වලකින් එන කුනගඳක්.. මගේ නාහෙ කොරවෙලා ගියා.. ඒ අද්දැකීම විදින්න එතන ඉන්නම ඕන... ඈත තියාම පේනව කෙනෙක් පාලම උඩ ඉදගෙන පහල බලන් ඉන්නවා.. මට සුපිරියට මීටර් ඒ අර මැරිච්ච කොල්ලමයි.. උගේ ගාවට අඩි දහයක් විතර තියෙද්දි මම බයික් එක හිටු අඩිය නැවත්තුවා.. ඌ තාමත් පහල බලාගෙන.. ඇගේ කිසිම Damage එකක් නෑ එදා ඇඳන් හිටපු ජැකට් එකමයි. ජීවිතේ කවමදාකවත් මම ඒ විදියට බයික් එකක් නවල නෑ.. Bike එකට හෙන ගැහුවත් කමක් නෑ කියල Hard Pickup එකක් අරන් මීටර් තුනක් විතර ඇවත් Side කන්නාඩියෙන් පස්ස බැලුවා.. කිසිම දෙයක් නෑ.. කව්රුවත් නෑ..එහෙමම office එකට ඇවිත් Security ගෙ කාමරේ නිදාගෙන ගෙදර ගියා.. තාත්තට කිව්වම තාත්ත හවස යකැදුරෙක් එක්ක ආවා.. තාමත් මට සිද්දිය දැං උනා වගේ මැවෙනවා.. හොල්මන් කිව්වම හක්ක පයිනකං හිනාවෙච්ච මම අද දවසෙම ඇදේ.. උන හැදිලා.. හෙට බෝධි පූජාවක්... මේ වගේ කතා පිලිගන්නෙ නැති ඇඟසේරො මොලේ තියෙන පොයියන්ට කියන්නෙ.. සත්‍ය වෙලත් නොපිලිගන්න.. තිබිලත් නොදකින බිහිසුණු දේ අනන්තයි... මේ කතාව උනේ පෝස්ට් එක දාන මට......... A.K..

Popular posts from this blog

අහපු දැනුණු හොල්මන් කතා ...!

වසර හතළිස්‌ දහසකට පෙර සිටි බෝදිලිමාගේ කතාව

සරුංගලේ