ජනක

ජනක

Image result for women ghost

ඉතා දිගු කොරිඩෝරයේ ජනක තනිවම පියමැන්නේය.ඉංජිනේරුවරයකු වන ජනක තම පෑන් පහරින් මේ ඉපැරැණි ගොඩනැගිල්ල කඩා දැමීමට අවසරය දෙනු ඇත.වසර සියයකට වඩා පැරණි ගොඩනැගිල්ල ඉංග්‍රීසි යුගයට දිවයයි.දැන් එය ඉවත් කල යුතුය.එතැන භූමියේ අලුතෙන් ගොඩනගන දස මහල් ගොඩනැගිල්ල ට ඉඩ දෙනු පිණිසය.
එහී තීරකයා වන්නේ ඉංජිනේරු ජනකය.ගොඩනැගිල්ල පුරා ඇවිද ගිය ජනක එය භාවිතය නුසුදුසු ලෙස නිර්දේශ කර කඩා ඉවත් කලයුතු බව සටහන් කලේය.
හුදෙකලා භාවයේ ගීලුණ ගොඩනැගිල්ල අභ්‍යන්තරයේ කිසියම් හඩක් වාතය තුළ මුසුව ඇති බව ජනකට හැගෙන්නට විය.ඒ කිසිවෙක් තමා දෙස බලාගෙන ලුහුබදිනවා වැනි දැනීමකි.කිසිවෙක් පිටුපස සිටිනවා වැනි හැගීමකි.යමකු උගුරේ ගැඹුරු තැනින් නිකුත් කරන කෙදිරියක් වැනි මිමිනිමක්ද ඒ සමග ඇසෙයි.
එය ගැහැනියකගේ ද පිරිමියෙකුගේද යන්න පැහැදිලි නැත.එහෙත් ඇග කීරි ගස්සන භීතියක් දනවයි.
ජනක ගොඩනැගිල්ල පුරා ඇවිද ගියේය.එහෙත් කිසිවෙක් නොවිය.ගොඩනැගිල්ල පුරා ඇවිද ගියද අර ගැඹුරු මිමිනීම ඔහු පසුපස ආවේය.නොසන්සුන්තාව දරාගත නොහැකි තරමට දරුණු වූ නිසා ජනක හැකි ඉක්මනින් එතැනින් ඉවත් විය.ඔහු සිතුවේ හිසේ ඇති පීඩනය නිසා එවැනි මිමිනිමක් දැනෙන බවයි.
ජනක ගෙදර ගියද ඒ හඩ ඔහු ලුහුබැඳ ආවේය.දැඩි අසහනය නිසා කලින් නිදන්න සිතුවද හඩ නොකඩවා ඇසෙයි.එය අප්‍රසන්න වැලපීමකි.මුළු රැය පුරාම මිමිනිම කල තැනැත්තා ජනක අසලම විය.එහෙත් ඒ කව්ද යන්න පැහැදිලි නැත.එබැවින් ජනකට නින්ද නොයයි.සිරුර පුරා දහඩිය දමා සිරුර තෙත්ව ඇත.කෙතරම් උත්සාහ කලත් හඩ පිටුපස සිටියි.
 දින කිහිපයක් පුරා ජනක හඩ හා ගනුදෙනු කිරීමට උත්සාහ ගත්තේ.එයින් සිදුවූයේ ඔහුගේ මනස විකල් වීමයි.පවුලේ අය සිතුවේ ජනක උමතු භාවයට පත්ව ඇති බවයි.එහෙත් වෛද්‍ය වාර්තා සියල්ල ඔහු නිරෝගි බව පෙන්නුම් කලේය.දැඩි අසහනයට පත් ජනක වියරුවෙන් හැසිරෙන නිසා අංගොඩ රෝහලට ඇතුළත් කරන ලදි.ඒ වන විට ජනක සිටියේ හඩ නගා වැලපෙමින් ආයාචනා කරමිනි.ඔහු ලුහුබැඳ එන හඩට පිංසෙන්ඩු විය.තමා අතහැර දමන ලෙස ඉල්ලා සිටියේ ය.එහෙත් ඒ අද්භූත හඩ ජය ගනිමින් ජනක මිය ගියේය.ඒ තම හිස බිත්තියේ තදින් වද්දා ගැනීම නිසා ඇති කම්පනය හේතුවෙනි.ජනක ලුහුබැඳ ආ ඒ අද්භූත ජීවිතය තම වාසස්ථානය විනාශ කිරීමේ පළිය ගෙන තිබුනි.

Popular posts from this blog

අහපු දැනුණු හොල්මන් කතා ...!

වසර හතළිස්‌ දහසකට පෙර සිටි බෝදිලිමාගේ කතාව

සරුංගලේ