මිලෙනියම් සිටි හොල්මන්

මිලෙනියම් සිටි හොල්මන්

Image result for gost house
අපි දැන් අවුරැද්දකට විකර කලින් හිටියා මිලේනියම් සිටි එකේ ගෙදරක කුලියට..ඒ ගෙදර පිටිපස්සේ තමයි කනත්ත තිබුනේ ඒක ලොකු කනත්තක් ගෙදර එක පැත්තක තිබුනේ මුස්ලිම් කනත්ත පිටිපස්සේ ලොකු කනත්ත..සතියට හතර පාරක් වගේ ඒකේ මරණ පුච්චනවා..අපිත්ඉතින් තාප්පෙන් බලන් ඉන්නවා අඬන අය දිහාකොහොම හරි ඔය ගෙදර ගත්තු දවසේ ඉඳලා සල්ලි නම් ඉතුරැවක් තිබුනේ නැ ඒත් පේන්න කිසිම අවුලක් නැති නිසයි අපි ගෙදර ගත්තේ දවසක් රැ 12:15ට විතර එක පාරටම අපේ අයියා කැගහගෙන කාමරෙන් එලියට ඇවිත් අපිට කතා කරා එයා කියනවා එයාව කවුද මන්දා කලු කෙනෙක් හිර කරන් හිටියලු බෙල්ලත් මිරිකුවලු දැකලා තියන විදියට නම් කලුම කලු හෙවනැල්ලක්තමයි..අයියට ඉතිපිසෝ ගාථාව මතක් උනත් ඒක කටින් පිට වෙලා නැ පස්සේ එයාට අමාරැ වෙද්දි එයා හිතින් ඉතිපිසෝ ගාථාව කියලා එතකොට ටිකෙන් ටික ඇඟ ලිහිල් වෙනවා දැනිලා..පස්සේ ඉතින් අයියා ගිහින් නිදාගත්තා..එදා ඒක ඇහුවත් අපිට ලොකු බයක් දැනුනේ නැ මොකද අපි දැක්කේ නැනේ..ඊට පස්සේ අයියා වැඩ කරේ දුර නිසා එයා එහේ ගියාම මන් ඒ කාමරේට ගියා ඒත් මට නම් මේ ලෝකේ යකෙක් ඉන්නවා කියලා දැනුනේ නැ..පස්සේ අපේ ගෙදර ඇන්ටි කෙනෙක් නැවතිලා හිටියා එයා උදේන්ම ඇ⁣හැරෙනවා ඉතින් එයා ඇහැරිලා උය උය ඉද්දි එයා දැක්කලු කවුරැහරි බාත්රැම් එකට යනවා කුස්සිය පහු කරන් තමයි බාත්රැම් එකට යන්නේ එයා හිතලා තියෙන්නේ මන් කියලා එයා ගුඩ් මෝනින් බබා ඔයාට තේ හදන්නද කියලා අහලා ඒත් සද්දයක් නැති තැන එයා බාත්රැම් එකට ගිහින් බැලුවම කවුරැත් ඉඳලා නැ පස්සේ කාමරේට ඇවිත් බලද්දි එතකොටත් මම නිදිලු එ වෙලාවේ වෙන කෙනෙක් යන්න විදියක් නැ මොකද එයයි මමයි විතරයි හිටියේ ගෙදර..එයා ටිවි එක බලද්දි එහෙම එයාට දවස් ගානක්ම පෙනිලාතියනවා බිත්තියේ එහා පැත්තේ ඉඳලා කවුදෝ මන්දා සුදු ඇඳගත්තු කෙනෙක් එයාදිහා බලන් ඉන්නවා..ඔය දේවල් නිසාම ඒ ගෙදරින් අපි වෙන ගෙදරකට මාරැ උනා..පස්සේ ගමේ අයගෙන් ඇහුවමයි දැනගත්තේ එ ගෙදර පිරිමි කෙනෙක් බෙල්ලේ වැල දාගෙන මැරිලා තියනවලු එයාගේ වයිෆ් වෙන කෙනෙක් එක්ක ගිය නිසා එ ⁣වගේම ගෙවල් හදලා තියෙන්නෙත් කනත්තෙම කැල්ලකලු ඉස්සර එතනත් කනත්තලු...එ ගෙදරට යන කවුරැත් වැඩි කල් ඉන්නැලු..මට තියෙන ප්රශ්නේ තමයි ඇයි එහෙම හොල්මනක් හිටියා නම් ඒක මටයි නංගිටයිඅම්මටයි නොපෙනුනේ???ඇයි අර දෙන්නටම පෙනුනේ???එක අම්මගෙන් ඇහුවම කියනවා අපි දේව ගනේලු දේව ගනේ අයට පේන්නැලුඅයියයි ඇන්ටියි රාස්ස ගනේ ඒකලු එයාලටපෙනුනේ..ඒක ඇත්තක්ද?

Popular posts from this blog

අහපු දැනුණු හොල්මන් කතා ...!

වසර හතළිස්‌ දහසකට පෙර සිටි බෝදිලිමාගේ කතාව

සරුංගලේ