Posts

Showing posts from November, 2017

සරුංගලේ

Image
" මචං පට්ට හුලගක් එනව නූල් දීපන් .... තව තව.." " මං නම් කියන්නෙ බං සැර වැඩී... කෝකටත් චුට්ටක් පහලට ගනින්..." " පිස්සුද බං... එහෙම කැඩෙනවද මේවා... බලපන් හයිය...! " නොදකින් කාලකණ්ණිය තොගෙ කට... කැඩුන යකෝ.." " මල කෙලියයි කැලේ පැත්තට බෑවෙ ශුවර් එකට ගහක රැදෙයි..." අනපේක්ෂිත ලෙස නුල කැඩී ගසාගෙන ගිය සරුංගලය ඇදුනේ පිට්ටනිය කොනේ තිබූ කුඩා කැලෑවක් දෙසටයි ... විශාල අතු විහිදුනු ගස් තිබූ නිසා සරුංගලය බිම පතිත වන්නේ නැති බව දැන දැනම සරුංගලය සෙවීමට ආරම්භ කලේ එයට අත්වූ ඉරණම දැන ගත යුතු නිසාය " මේ කැලේ ඕක හොයන්න බෑ බං යමන් යන්න... හෙට වෙන එකක් හදමු බන්..." " අනෙ පල පල.... උබ සරුංගල් ම හදයි.. උබ කොහෙද බන් ඕව දන්නෙ... මේක හැදුවෙ ලකියා... සව් කොල මගෙ. " " හදනවා තමයි යකෝ...." " කට වහන් හොයපන් බැරි නම් ගෙදර පලයන්..." " හරි එහෙනම් හොයා ගත්ත එකාට සරුංගලේ අයිති හොදේ...." සරුංගලය සෙවීමට ඇති උනන්දුව වැඩි කිරීමට මම එසේ කීවත් අපගේ වෑයම නිශ්ඵල බව තේරුම් ගන්නට සිදු වූයේ සැබෑ අදුරට වඩා වේගයෙන් කැල...