රූම් නම්බ 13
රූම් නම්බ 13 "මට මේ හොටලයෙ මැනෙජර් මහත්තයට කතා කරන්න පුළුවන්ද.?" රිසෙප්ශනිස්ට් තම සුපුරුදු පිළිගැනීමේ ආමන්ත්‍රණය කිරීමටත් පෙර කලබලයෙන් පැමිණි හොදට හැද පැළදගත් මැදි වියේ පුද්ගලයෙක් ඇසීය. "ඔව් සර්. මැනේජර් සර් අතන ඔෆිස් එකේ ඉන්නව. මොකද්ද කාරණය.?" "බොහොම ස්තුතියි" රිසෙප්ශනිස්ට් ඇසු දෙවෙනි ප්‍රශ්නය නොඇසුනාක් මෙන් ඔහු මැනෙජර් කියල ගහල තිබ්බ ඔෆිස් එක පැත්තට ගියා. හෝටලයට ආධුනිකයෙකු වූ මොහුගේ හැසිරීම නිසා රිසෙප්ශනිස්ට් පුදුමෙන් මෙන් ඛලා සිටියා. "ආ ඔයාගෙ අලුත්ම ජොබ් එක හොටෙල් එකට එන කස්ටමර්ස් ලා දිහා කට ඇරන් බලන් ඉන්න එකද.?" ඒ අවස්තාවෙම කවුන්ටරය ගාවට ආපු හෝටලයේ සේවකයෙක් විහිලුවක් කරා. "නෑ නෑ මට මිනිහගෙ හැසිරීම ඇල්ලුවේ නෑ." මේ අතර මැනේජර් ඔෆිස් එකේ. "මැනෙජර් මහත්තයා මට රූම් එකක් බුක් කරගන්න පුලුවන්ද.?" "ඔව් පුලුවන් ඒකට ගිහින් රිසෙප්ශනිස්ට් කවුන්ටරයෙන් කර ගන්න" පත්තරය බල බල හිටි මැනේජර් හිස ඔසවා බලන්නෙ නැතිවම උත්තර දුන්නේය. "මම ඔබතුමාවම හම්බෙන්න ආවෙ මට අවශ්‍ය කාමර අංකය තියෙන කාමරය ලබා ග...